ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
චීනයෙන් ආනයනය කළ අති නවීන එස් - 14 බලවේග කට්ටල දුම්රිය අද (13දා) කොළඹ වරායෙන් ගොඩබෑවේය. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10. 3කි.
එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි.
අති නවීන එස් - 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම පහසු නොවන්නේ එම මාර්ගය බෑවුම් සහිත සහ වංගු සහිත වීම නිසාය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී දුම්රිය හිඟයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටී. ඊට පිළියමක් වශයෙන් එම මාර්ගයේ ධාවන කළ හැකි බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණ. අද මෙරටට ගොඩබෑවේ එයින් එක් කට්ටලයකි.
ඉතිරි අට ඉදිරි දින කිහිපයේදී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ. එම බලවේග කට්ටල අතර වායු සමනය කළ මැදිරි හතරකින් යුක්ත බලවේග කට්ටල තුනක්ද වෙයි. එම බලවේග කට්ටල යොදා ගනිමින් නගරාන්තර දුම්රිය සේවාවක් ආරම්භක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd